බප/ම්නු/ ගනේගොඩ රාඡසිංහ මහා විද්‍යාලය

නිර්මාතෘවරු

පාසල් ප්‍රදනියා ලෙස කොරසේ ගුරුන්නාන්සේ නම් මහතකුගේ ප්‍රදානත්වයෙන් 1902 දී මෙම විදුහල ආරම්බ කර ඇත. ලැබී තිබු ඉඩමේ හිගුරු ගාලක් සුද්ද කර තාවකාලික මඩුවක ආරම්බ වූ බි.ටී.ඇස් පාසැල නම් වූ මෙහි සිසුන් 17 ක් පමණ වී ඇත. වසර 10 ක් පමණ ගතවෙද්දී මෙහි 08 වසර දක්වා පන්ති වර්දනය විය. වසර 1949 වන විට මුල්ගුරු ඇම්.ඩී. ජයසේන මහතාගේ නායකත්වය යටතේ පාටෂලා විබාගයට ඉදිරිපත් වූ දරුවන් 12 දෙනාම විබාගය සමත් වී ඇත. මෙහි රූපයේ දැක්වෙන්නේ පාරම්පරික , ආයුර්වේද වෙද්‍ය වරයෙකු වන පියසේන මහතාය. බාෂා විශාරදයෙකු වන එතුමා පාලි , සංස්කෘත , වංග , සිංහල සහ ඉංග්‍රීසි බාෂා ගැන හසල දැනුමක් ඇත්තෙකි. 1912 සිට පාසලේ විදුහල්පති වරයා ද විය.