බප/ම්නු/ ගනේගොඩ රාඡසිංහ මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

බප/මිනු/ගනේගොඩ රාජසිංහ මහා විද්‍යාලය පස්යාල ගිරිඋල්ල මාර්ගයේ හිරිවල හන්දියෙන් හැරී කි.මි.1.5 පමණ දුරින් ග්‍රාමීය පරිසරය පිහිටා ඇත. පොදු ප්‍රවාහන සේවාවන් ලෙස දුම්රිය හා එක් බස් රියක් පමණක් දාවනය වීමෙන් සැලසේ. ගනේගොඩ ප්‍රදේශයේ එවකට ගමේ දරුවන්ට සිප් සතර හැදෑරීමට ගමේ දානපතින් හා ප්‍රබුවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ගොඩනගන ලදී. මෙය වසර 1902 න් පසු වන විට ගනේගොඩ පරම විනානාර්ථ සමාගමේ (BTS) පාසලක් වශයෙන් ලියාපදිංචි විය. පාසල් ප්‍රදනියා ලෙස කොරසේ ගුරුන්නාන්සේ නම් මහතකුගේ ප්‍රදානත්වයෙන් 1902 දී මෙම විදුහල ආරම්බ කර ඇත. ලැබී තිබු ඉඩමේ හිගුරු ගාලක් සුද්ද කර තාවකාලික මඩුවක ආරම්බ වූ බි.ටී.ඇස් පාසැල නම් වූ මෙහි සිසුන් 17 ක් පමණ වී ඇත. වසර 10 ක් පමණ ගතවෙද්දී මෙහි 08 වසර දක්වා පන්ති වර්දනය විය. වසර 1949 වන විට මුල්ගුරු ඇම්.ඩී. ජයසේන මහතාගේ නායකත්වය යටතේ පාටෂලා විබාගයට ඉදිරිපත් වූ දරුවන් 12 දෙනාම විබාගය සමත් වී ඇත. 1950 පමණ වන විට දරුවන් 400 ක් පමණ ඉගෙනුම ලද රාජසිංහ මහා විහාරයේ සෙවන යටතේ මෙතෙක් ක්‍රියාත්මක වූ ගම්/ගනේගොඩ බෞද්ද විදුහල නම් වූ පාසල 1954 වන විට රජයට පවරාගෙන සිසුන් 580 ක් ගුරුවරුන් 16 දෙනෙකුගේ සෙවන යටතේ ඉගෙනුම ලබමින් 75% දක්වා විබාග ප්‍රතිපල පෙන්වමින් තාවකාලික මඩුව වෙනුවට ටකරන් සෙවිලිකළ 80' x 20' ස්ථීර ගොඩනැගිල්ලට පිවිසී ඇත. 1964 දී රජයේ පාසලක් බවට පත්කරමින් ඉහත ශාලාවට අමතරව තවත් අඩි 80' x 20' ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී.1977 පමණ වන විට විදුහල්පති වී.අතාවුද ආරච්චි මහතාගේ නායකත්වය හා ගම්මුන්ගේ දැඩි ඉල්ලීම මත පාසැල මහා විදුහලක් බවට පත් කරමින් උසස් පෙළ පන්ති අරම්බ කල නමුත් නගරයේ පිහිටි පාසල් වලින් එළබි ඉගෙනුම් තරගයට මුහුණු දීමට අසීරු වූ හෙයින් විදුහලේ උසස් පෙළ පංති වසර හතරකට පසු නිම කරන්නට සිදු විය. මන්ද මීරිගම නගරයේ රජයේ පහසුකම් මැද වඩාත් හොද පාසල් ගොඩ නැගීම නිසා මව්පිය අවදානය ඒවාට යොමු වීමෙන් පසු රජයේ අවදානයෙන් ද බැහැරව පවති මෙම විදුහල සිංහල බෞද්ද ප්රෞඩ ඉතිහාසය ද සමග පසුබා යාමත් වඩාත් දුෂ්කර අඩියකට පත්ව ඇත. ප්‍රදේශයේම උපන් එම්.පී. ජයසේන මහතා මුල්ගුරු පදවිය උසුලද්දී පාසැල ශක්තිමත් පාසලක් වශයෙන් පැසසිය යුතු මට්ටමක පවත්වාගෙන ගොස් ඇත. 2008 දී ඇරබී ඉසුරු පාසල් වැඩ සටහනද දරුවන් කි.මි. 03 ක් දුරින් පිහිටි පල්ලෙවෙල මහා විදුහලට සම්බන්ද කරමින් මෙම විදුහලද අවට පාසල් 4 ක් ප්‍රථමික පාසල් බවට පත් කරන ලද අතර මව්පියන්ගේ දැඩි ඉල්ලීම නිසා මෙම විදුහල තව දුරටත් පැවති තත්වයේම පවත්වාගෙන යාමට ඉඩ සලසා ඇත.නමුත් කි.මි.1 1/2 ඇතුළත දෙපසින් පිහිටි ප්‍රථමික පාසල් දෙක ප්‍රදාන පාසල් දෙකකට සිසුන් අතුලත් කිරීමට අනිවාරය බද්ද කිරීම නිසා සිදුවන ශිෂ්‍ය ගලනය මෙම විදුහලට සිසුන් හිගවීමට ප්‍රබල සාදකයක් වී ඇත. විශේෂයෙන් අද්‍යාපන දක්ෂතා දක්වන, අවබෝදයක් සහිත මව්පියන්ගේ දරුවන් මෙම ගලනයට පෙලබී ඇත. ප්‍රදේශයේ ජනතාවටද මෙය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවට සාදක නැත. දැනට දරුවන් 250 ක් පමණ ඉගෙනුම ලබන 01 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යන හුදෙකලා පාසලක් වන අතර අ.පො.ස. (සා.පෙ.) ප්‍රතිපල හා ශිෂ්‍යත්ව විබාග මට්ටමද ඉහල යමින් පවතී.විෂය සමගාමී කටයුතු වලද දරුවන් ප්‍රවීනත්වය දක්වමින් සිටි. පසුව කරන ලද ඉඩම් පැවරුම් අනුව අක්කරයක පමණ ක්‍රීඩා පිටියක්ද , අත්තනගල්ල රජ මහා විහාරදිපති හිමියන්ගේ මැදහත් වීමෙන් 50' x 20' නව පන්ති කාමර ගොඩනැගිල්ලක්ද (2018 දී ඉදිකළ) මුලින්ම ඉදිකළ ටකරන් වහලය සහිත ගොඩනැගිල්ල හා 30' x 20' දෙමහල් ගොඩනැගිල්ලක බිම් මහලක්ද පාසැල සතුව ඇත. මිනුවන්ගොඩ අද්යාපන කලාපයට අයත් විමෙන් වර්තමානයේ බප/මිනු/ ගනේගොඩ රාජසිංහ  මහා විද්‍යාලය නමින් අද හදුන්වන මෙම පාසල් මාතාව වෙත අවදානය යොමු කර පහසුකම් සලසන්නේ නම් අතීතයේ කල ජනතා මෙහෙවරට ඇය නැවත සුදානම් වනු ඇත. 

ආරම්භ කළ වර්ෂය

1892 ජනවාරි 28

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

5

මුල් ගුරුතුමාගේ නම

එම්.පී. පියසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

-

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගණේගොඩ රාජසිංහ මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

කොරසේ ගුරුනනාංසේ

පාසල රජයට පවරාගත් දිනය

1902 ඹක්තොමබර් 28

පාසල පැවැත්වූ ස්ථානය

ගණේලන්ද පොල්අතු මඩුව

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

යෝනිස්

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

-

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1875