බප/ම්නු/ ගනේගොඩ රාඡසිංහ මහා විද්‍යාලය

  • පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • ප.ව. 1.30 ට පෙර අවසර නොමැතිව පාසලෙන් පිටවිය නොහැක.
  • දී ඇති ආකෘතියට අනුව ගැහැණු හා පිරිමි නිල ඇදුම් සකස් විය යුතුය.
  • 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පිරිමි ළමයි සුදු කොට කලිසම හා සුදු කමිසය ඇදිය යුතුය.
  • 10 හා 11 ශ්‍රේණි පිරිමි ළමයි සුදු දිග කලිසම සහ සුදු අත් කොට කමිසය ඇදිය යුතුය.
  • ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම ටයි පටිය හා නිල ලාංචනය පැළදිය යුතුය 
  • ශිෂ්‍ය නයක නායිකාවෝ අත් දිග සුදු කමිසය හා අත් දිග සුදු ගවුම ඇදිය යුතුය.
  • පංති නායක නායිකා හා ශිෂ්‍ය නයක නායිකා අදාළ නිල ලාංචන පැලදිය යුතුය.
  • ගැහැණු ළමයි දිග කොන්ඩය දෙකට ගොතා කලු රිබන් පටියෙන් ගැට ගැසිය යුතුය.
  • ගැහැණු ළමයි කොට කොන්ඩය පැත්තෙන් බෙදා තිබිය යුතුය.
  • පිරිමි කොන්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
  • කලු ක්‍රේල් කටු හැර විවිද වර්ගයේ හා වර්ණයේ කොණ්ඩ කටු බාවිතා කල නොහැකිය.
  • එල්ලෙන කරාබු සහ විවිද වර්ණයේ කරාබු , තෝඩු පැලදිය නොහැක.
  • සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාල , වළලු , මුදු පාසල් කාලය තුල නොපැලදිය යුතුය.(විශේෂ අවස්තා වලදී ගුරුවරයාගේ අනු දැනුම ඇතිව බාවිතා කල හැක).
  • ගැහැණු ළමයි සුදු මේස් හා සුදු සපත්තු පැලදිය යුතුය.
  • පිරිමි ළමයි කලු පාසල් සපත්තු හා කලු මේස් පැලදිය යුතුය.
  • දෑත් හා දෙපාවල නියපොතු කොටට කපා පිරිසිදුව තිබිය යුතු අතර නිය ආලේපන බාවිත නොකල යුතුය.
  • ජංගම දුරකථන පාසලට රැගෙන ඒම සහ පාසල් කාලය තුල බාවිත නොකල යුතුය 
  • සියලුම වර්ගයේ CD/DVD ආදී තැටි හා පටි වර්ග පාසලට නොගෙන ආ යුතුය.
  • මුද්‍රිත අසබ්‍ය සගරා , පුවත්පත් ආදිය පාසල තුලදි මෙන්ම පිටතදී පරිහරණය නොකල යුතුය.